මිය ගිය කාවන්තිස්ස ගැන රෝහලේ සිටන මහින්දගෙන් ශෝක පණිවුඩයක්!
වෙඩි ප්රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ ‘කාවන්තිස්ස’ හස්තියා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.
***
ද්විරද ගජ කාවන්තිස්ස,
මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි.
අප රටේ ඉතිහාසය පුරාවට ඇතුන් නියෝජනය නොවූ තැනක් නොමැත. මහාවංශයේ පිටු අතර මෙම මහා ප්රාණියා දැකගත හැත. සිරි දළදා මහා පෙරහැරේ, රාජාභිෂේකයේ, රණබිමේ ඇතා නොසිටි තැනක් නොමැත. රාජ්යත්වය නියෝජනය කළ කඩොල් ඇතු ඉතිහාසය තුළ රජෙකුට සම විය.
බුදු දහම තුළ ඇතා බෝධිසත්වයෙක් විය. ඇත් පිය සටහන ගජගා වන්නම විය. අපගේ සංස්කෘතිය තුළ ඇතෙකු යනු ඉතිහාසය, ආගම, කලාව, ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයකි. පිදුම් ලබන්නෙකි. මඟුල් ලකුණකි. රැකිය යුත්තෙකි.
අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත,
මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්..
මිය ගිය කාවන්තිස්ස ගැන රෝහලේ සිටන මහින්දගෙන් ශෝක පණිවුඩයක්!
2026-10-17T11:37:00+05:30
Gossip Lanka Hot News






