අයිස් සමඟ හසුවූ කහඳගම "අපේ නෙවෙයි" - සාගරටයි වාසුටයි දෙන්නටම එපාලු
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම, කිසිදු දිනක තම පක්ෂයේ සාමාජිකයෙකු වී නොසිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඔහු ඉදිරිපත් වූ බව කියන නව සමසමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර මහතා ද, කහඳගමට තම පක්ෂය සමඟ කිසිදු වත්මන් සබඳතාවක් නොමැති බව අවධාරණය කරයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (06) කහඳගම අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවය. මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු ලබන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මේ වන විට අවසර ලබා දී තිබේ. ඔහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඉතා සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද වාර්තා වේ.
අත්අඩංගුවට පත් වූ පසු මාධ්‍ය වාර්තා බොහොමයක ඔහු හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසය. එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේ පසුගිය මැතිවරණවලදී පොදුජන පෙරමුණ වාමාංශික දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වූ බවත්, එහිදී කහඳගම මැතිවරණයට ඉදිරිපත් වූයේ වාසුදේව නානායක්කාර මහතාගේ නව සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකු ලෙස බවත්ය. නව සමසමාජ පක්ෂය කළ ඉල්ලීමකට අනුව ඔහුට නාමයෝජනා ලබා දුන් බවද ඔහු කීය.
මේ පුවත තව අයට බලන්න
අයිස් සමඟ හසුවූ කහඳගම "අපේ නෙවෙයි" - සාගරටයි වාසුටයි දෙන්නටම එපාලු
2026-10-07T08:38:00+05:30
Gossip Lanka Hot News





