ලෝක පූජිත සුපිරි ක්රීඩක බිරිද සීගිරියේ ඉඩම් ජාවාරමක... තොරතුරු පනතින් හෙලිවෙයි!
ලෝක පූජිත ශ්රී ලාංකික ක්රීඩකයෙකුගේ බිරිඳක විසින් ඓතිහාසික සීගිරිය ආසන්නයේ පිහිටි වටිනා රජයේ ඉඩමක් කූට ලේඛන සකස් කර වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව, වසර පහක කාලයක් ගතවී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ලබා දී නොමැති බව දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය අනාවරණය කරයි.
දඹුල්ල ප්රාදේශීය මාධ්යවේදී කාංචන කුමාර ආරියදාස මහතා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ සිදුකරන ලද විමසීමකට ප්රතිචාර දක්වමින් ප්රාදේශීය ලේකම් කාර්යාලය මේ බව නිල වශයෙන් තහවුරු කර තිබේ.
සීගිරිය ආශ්රිත ප්රදේශයේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදාදීමට වෙන් කර තිබූ රජයේ ඉඩමක්, තමන්ද අඩු ආදායම්ලාභියෙකු ලෙස ව්යාජව පෙන්වා දෙමින්, ව්යාජ ජාතික හැඳුනුම්පත් අංක සහ කූට පදිංචි සහතික ඉදිරිපත් කරමින් මෙම සුපිරි ක්රීඩකයාගේ බිරිඳ විසින් 2021 වසරේදී අත්පත් කරගෙන ඇති බවට මුලින්ම තොරතුරු හෙළිදරව් වූයේද තොරතුරු පනත ඔස්සේය.
මෙම අක්රමිකතාව සම්බන්ධයෙන් සිදුකළ ප්රාථමික විමර්ශනවලදී කූට ලේඛන සකස් කිරීමට හා වැරදි තොරතුරු සැපයීමට ආධාර අනුබල දුන් බවට තහවුරු වූ දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්රාම නිලධාරීවරයෙකුගේ සේවයද ඒ දිනවලම තහනම් කිරීමට පියවර ගැනිණි.
අනතුරුව, රජයේ ඉඩම් වංචා කිරීමේ මෙම බරපතළ සිදුවීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2021 මාර්තු 22 වන දින කරන ලද විමසීමකට ලිඛිතව පිළිතුරු දෙමින් දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය 2021 මාර්තු 29 වැනිදා දන්වා ඇත්තේ, අදාළ සියලු විමර්ශන ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවයි.
කෙසේ වෙතත්, එම සිදුවීමට වසර පහක් සපිරුණු පසුබිමක පසුගිය නොවැම්බර් 20 වැනිදා යළිත් තොරතුරු පනත යටතේ කළ විමසීමේදී දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරී එච්.පී.ඩී.කේ. විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව 2026 ඔක්තෝබර් 07 වැනි දින නිල ලිපියක් නිකුත් කර ඇත.
එම ලිපිය මඟින් දන්වා ඇත්තේ, ඉඩම් පැවරීමට අදාළ දීමනා පත්ර තුනෙහි මුල් පිටපත් 2025 නොවැම්බර් 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත භාරදුන් නමුත්, එම පරීක්ෂණවල අවසන් වාර්තාව මෙතෙක් ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලැබී නොමැති බවයි. එමෙන්ම අවස්ථා ගණනාවකදී වාචිකව කළ විමසීම්වලදීද කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව එහි සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න
ලෝක පූජිත සුපිරි ක්රීඩක බිරිද සීගිරියේ ඉඩම් ජාවාරමක... තොරතුරු පනතින් හෙලිවෙයි!
2026-10-27T10:07:00+05:30
Gossip Lanka Hot News





