හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු මියයාමේ සිදුවීමේ සිද්ධියට එම පොලිස් ස්ථානයේ තිදෙනෙකුගේ සේවය වහාම ක්රියාත්මකවනපරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව, එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා තිබුණා.
එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) සිදුකිරීමට නියමිතයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙක්.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් සැකකරු මියගොස් ඇති බවයි.
ඊයේ (25) උදෑසන සැකකරු බැලීම සඳහා ඥාතීන් පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී, පොලීසිය විසින් ඔහුට පහරදී ඇති බවට කරුණු අනාවරණය වී තිබුණා.
පසුව ඥාතීන්ගේ දැඩි ඉල්ලීම මත සැකකරු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගත්තද, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව ඥාතීන් දැඩි ලෙස චෝදනා කරනවා.
මේ පුවත තව අයට බලන්න
හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි
2026-10-26T19:01:00+05:30
Gossip Lanka Hot News





