බන්ධනාගාර ගත කර සිටින බෞද්ධ භික්ෂුවක් ඉන් පිටතට පැමිණීමේදී චීවරය දරා සිටීමේ අවසරය හිමි වෙයි!
බන්ධනාගාර ගතව සිටින බෞද්ධ භික්ෂුවක් ඉන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අයිතිය තිබෙන බවත් අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ඊයේ (14) විශේෂ ප්රකාශයක් සිදුකරමින් අමාත්යවරයා මේ බව අනාවරණය කළේය.
බන්ධනාගාර නීති යාවත්කාලීන කමිටු නිර්දේශ අනුව නිත්ය නියෝග ‘356’වෙනුවට 356 (අ) ලෙස සංශෝධනයක් සහ ‘550’ දෙපාර්තමේන්තු නියෝග සංශෝධනයට අතුරු විධානයක් අදාළ කමිටුව විසින් යෝජනා කර ඇති බව හෙතෙම පැවසීය.
අදාළ නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනය කරන ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස් වෙත උපදෙස් ලබාදුන් බවද අමාත්යවරයා කීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා…
“පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී ඇතිවුන තත්ත්වය සම්බන්ධයෙන් ත්රෛනිකායික මහා නා හිමිවරු නියෝජනය කරමින් වැඩම කළ ස්වාමීන් වහන්සේලා සමග ජනාධිපතිතුමා සාකච්ඡා කළා.
එම සාකච්ඡාවට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය සුනිල් සෙනෙවි මැතිතුමාත් මමත් සහභාගි වුණා. එහිදීම බන්ධනාගාර ආඥා පනත,එහි පනවා තිබෙන නිත්ය නියෝග,රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවට තීරණය කළා.
ඒ අනුව ජනාධිපතිතුමා විසින් බන්ධනාගාර ආඥා පනත යටතේසාදන ලද නීති,රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ඉවරයා ගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත්කළා.
ඒ අනුව කමිටුව විසින් අතුරු වාර්තාවක් මේ වන විට ජනාධිපතිතුමා වෙත භාරදී තිබෙනවා එහි පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් මා වෙත ලැබුණා.
එම වාර්තාවේ නිර්දේශ අනුව බන්ධනාගාර නිත්ය නියෝග 356 සංශෝධනය කොට 356(ආ) යනුවෙන් කොටසකුත් ,550 දෙපාර්තමේන්තු නියෝගය සංශෝධනය කිරීම සඳහා විධානයකුත් යෝජනා කොට තිබෙනවා.
ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාර ගත කිරීමේ දී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ අනුව ක්රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයා දින දහයක් ලබා දී තිබෙනවා.
එමෙන්ම යම් හෙයකින් වෙනත් ආගමික පූජ්ය පක්ෂයේ කෙනෙක් සිරකරුවෙක් වුවහොත් මේ ප්රතිපාදන අදාල ලෙස වෙනස් කර ගනිමින් එයට අදාළ කරගත යුතු වෙනවා.
එසේම නිත්ය නියෝග 550 ට අලුතින් කොටසක් එකතු වී සංශෝධනයක් එනවා. එයට අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙක් ලෙස බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාව වඩාත් පැහැදිලි වෙනවා.
යම් ස්වාමින් වහන්සේ නමක් යම් කරුණක් සඳහා බන්ධනාගාරයෙන් එළියට වැඩම කරනවා නම් එවන් අවස්ථාවකදී චීවරය පැළඳ සිටීමට පූර්ණ අවසරය ලබා දෙනවා.උන්වහන්සේ අයත් පාර්ශ්වයෙන් හෝ නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම් දීමක් ලැබෙන තුරු ඒ අයිතිය තිබෙනවා.මෙම කරුණු දෙක මේ සංශෝධනයේ මූලික හරය බව කිව යුතුයි.
බන්ධනාගාර ගත කර සිටින බෞද්ධ භික්ෂුවක් ඉන් පිටතට පැමිණීමේදී චීවරය දරා සිටීමේ අවසරය හිමි වෙයි!
2026-10-15T05:42:00+05:30
Gossip Lanka Hot News





