gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාර විමර්ශනවලදී අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ගෝඨාභය කළ පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙනවා.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

මීට පෙර අභියාචනාධිකරණය මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම සඳහා දින නියම කර තිබූ අතර, අගෝස්තු මාසයේදී නියෝගය සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියම කර තිබුණා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka