gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විධිමත් ඉල්ලීමක් කලොත් ඥානසාර හිමිට ජනාධිපති සමාව සලකා බලන්න සූදානම්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදිය හැක්කේ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් පවතින නීත්‍යනුකූල සහ විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුකරන ඉල්ලීමක් මත පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, තමන් වහන්සේට සිදුවූ වරද නිවැරදි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වුවද විශේෂ ජනාධිපති සමාවක් දිය හැකි බවට ඥානසාර හිමියන් විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේ, අධිකරණයකින් ලබාදුන් තීන්දුවක් ජනාධිපතිවරයෙකුට සිය අභිමතය පරිදි එකවර වෙනස් කළ නොහැකි බවත්, එසේ හිතුමතේ කටයුතු කළහොත් ජනතාව ජනාධිපතිවරයාව ඒකාධිපතියෙකු ලෙස හඳුන්වනු ඇති බවත්ය.

කිසියම් වරදකට අදාළව සහේතුක කරුණු පදනම් කරගනිමින් සමාවක් ඉල්ලා සිටින්නේ නම්, ඊට අදාළ නීතිමය ක්‍රියාපටිපාටියක් පවතින බවත්, එම ක්‍රමවේදයට අනුව කරුණු දක්වා ඉල්ලුම් කළහොත් ඒ පිළිබඳ සලකා බැලීමේ හැකියාව පවතින බවත් හෙතෙම පැහැදිලි කළේය.

පසුගිය පාලන සමයන්හි සිටි ජනාධිපතිවරුන් සිය අභිමතය පරිදි නීතිය කඩකරමින් ක්‍රියා කළ නිසා එම තීරණ අවසානයේ අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ප්‍රතික්ෂේප වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වත්මන් ජනාධිපතිවරයාට නීතියට පිටින් ගොස් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට කිසිදු ජනවරමක් නොමැති බැවින් එවැනි ක්‍රියාමාර්ග නොගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka