gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල ඉහළ⁣ට... නව මිල ගණන් මෙන්න

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ සුපර් ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැත.

සිදුකර ඇති මිල සංශෝධනයන්ට අනුව නව මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 පෙට්‍රල්: ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 399 ක්ව පැවති එහි නව මිල රුපියල් 414 කි.

සුදු ඩීසල්: ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 382 ක්ව පැවති එහි නව මිල රුපියල් 392 කි.

සුපර් ඩීසල්: වැඩිම මිල වැඩිවීම වාර්තා කරමින් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 478 ක්ව පැවති එහි නව මිල රුපියල් 528 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මිල සංශෝධනය නොවූ ඉන්ධන කාණ්ඩ

ඔක්ටේන් 95 පෙට්‍රල්: මිල සංශෝධනය වී නොමැති අතර, පැවති පරිද්දෙන්ම ලීටරයක මිල රුපියල් 475 ක් ලෙස පවතී.

භූමිතෙල්: මිල සංශෝධනය වී නොමැති අතර, පැවති පරිද්දෙන්ම ලීටරයක මිල රුපියල් 285 ක් ලෙස නොවෙනස්ව පවතී.

IOC ඉන්ධන මිලේ වෙනසක්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන් වලට අනුකූල වන පරිදි මෙම සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 392කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 528කි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka