gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ කියමින් සමාජ මාධ්‍යයට මුදාහැරියාට සරත් වීරසේකරගෙන් කෝටි දහයක් ඉල්ලා කිංස්බරි හෝටලයට එන්තරවාසියක්!

තමන් කොළඹ කිංස්බරි (The Kingsbury) හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන විකෘති කර, ‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ යනුවෙන් අසත්‍ය ලේබල් අලවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් සිය කීර්තිනාමයට හානියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම හෝටල් කළමනාකාරීත්වය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.

අදාළ ලේඛනය මඟින් පෙන්වා දෙන්නේ, සරත් වීරසේකර මහතා පසුගිය ඔක්තෝබර් 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී අදාළ හෝටලය වෙත ගොස් ඇති බවත්, හෝටල් පරිශ්‍රයේ සුවිශේෂී භාරකාරත්වය සහ පාලනය යටතේ පවතින සීසීටීවී පද්ධතියේ සටහන් වූ දර්ශන, හෝටල් පාලනාධිකාරිය විසින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා එක්ව සිතාමතාම විකෘති කර පිටතට මුදාහැර ඇති බවත්ය.

එම සංස්කරණය කරන ලද වීඩියෝ පටය මඟින් සරත් වීරසේකර මහතා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම අවස්ථාවක හෝටල් කාමරයක් වෙත ඇතුළු වන ආකාරය පෙන්වමින්, ඔවුන් දෙදෙනා එක්ව හෝ එකම වේලාවක එම කාමරයට ඇතුළු වූ බවට සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු හැඟීමක් සමාජගත කර ඇති බව එමඟින් චෝදනා කෙරේ.

මෙම විකෘති කළ දර්ශන ‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ යන ශීර්ෂය යටතේ ප්‍රචාරය කර ඇති බවත්, එහි සිටින සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා බවට අසත්‍ය ලෙස හුවාදක්වමින් සමාජය නොමඟ යවා ඇති බවත් නීතිඥවරු පෙන්වා දෙති.

හෝටලයේ පූර්ණ අධීක්ෂණය යටතේ තිබිය යුතු මෙවැනි රහස්‍ය දර්ශන කිසිදු අවසරයකින් තොරව පිටස්තර පාර්ශ්ව වෙත ලබාදීම හෝටලයේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් වන අතර, එමඟින් තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට දැඩි හානි සිදුකර ඔහුව මාර්ගගත ක්‍රම ඔස්සේ දැඩි අපහාසයට සහ මානසික පීඩාවට ලක් කර ඇති බව නීතිඥවරු අවධාරණය කරති. එමෙන්ම, සිතාමතාම මෙවැනි අසත්‍ය ප්‍රකාශ සහ දර්ශන සන්නිවේදනය කිරීම 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 20 වැනි වගන්තිය යටතේ ගැනෙන බරපතළ වරදක් බවට ද හෝටල් කළමනාකාරීත්වයේ අවධානයට යොමු කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka