අමානුෂික වෙඩි තැබීම... දේශබන්දුට එරෙහිව අධිචෝදනා භාරදෙයි!
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධිචෝදනා භාරදෙයි. පසුගිය 2023 දෙසැම්බර් (31) වැනිදා වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීම සම්බන්ධයෙන් වන නඩුවට දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එලෙස අධිචෝදනා භාරදී ඇත.
මෙම නඩුවට දේශබන්දු තෙන්නකොන් ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද (07) මාතර මහාධිකරණයේදී පෙනී සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුවට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබන අතර මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන හමුවේ මෙම නඩුව කැඳවා ඇත.
එහිදී දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කළේය.
අනතුරුව මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් (27) වන දින කැඳවීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
අමානුෂික වෙඩි තැබීම... දේශබන්දුට එරෙහිව අධිචෝදනා භාරදෙයි!
2026-10-07T12:54:00+05:30
Gossip Lanka Hot News





