gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පච්චයෙන් හා ඇඳුමෙන් පාතාලයන්දැයි තීරණය කිරීමේ අසීමිත බලය පොලිසියට - සාලිය පීරිස්ගෙන් හර්ෂණට තද උත්තරයක්!


යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත  අනතුරුදායක, අනවශ්‍ය ලෙස පුළුල් සහ සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව අහිමි කරනු ලබන මර්දනකාරී එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කරයි.

අධිකරණ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්, මෙම පනත යටතේ සඳහන් වන ‘පච්ච’ (Tattoos) සහ ‘විශේෂිත ඇඳුම් පැළඳුම්’ පිළිබඳ නීතිමය සීමා කිරීම් අදාළ වන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට පමණක් බවත්, සාමාන්‍ය ජනතාව ඒ පිළිබඳව බිය විය යුතු නැති බවත් සඳහන් කර තිබිණි. 

ඊට  විරෝධය පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරන ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන්නේ, කිසිදු පාර්ශ්වකාර උපදේශන ක්‍රියාවලියකින් තොරව ඉදිරිපත් කර ඇති මෙම පනත තුළ පවතින බරපතළ නීතිමය අඩුපාඩු අමාත්‍යවරයා වටහාගත යුතු බවයි.

සිය සමාජ ජාල ගිණුමේ ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.

****

 යෝජිත ‘සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ’ සඳහන් වන පච්ච (tattoos) සහ ඇඳුම් පැළඳුම් යනු ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයින් විසින් භාවිතා කරනු ලබන ඒවා පමණක් බවත්, සාමාන්‍ය ජනතාව ඒ ගැන බිය විය යුතු නැති බවත් අධිකරණ ඇමතිතුමා විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා මට අසන්නට ලැබිණි.

මෙම පනත් කෙටුම්පත කිසිදු මහජන උපදේශන ක්‍රියාවලියක් ඔස්සේ සකස් කරන ලද්දක් නොවේ. මා දන්නා ආකාරයට මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කෙටුම්පතක් ද නොවේ.

මෙම යෝජිත නීතිය කොතරම් දුරදිග ගිය, පුළුල් (overbroad) එකක්ද යන්නත්, එහි සාමාන්‍ය ජනතාව සඳහා ආරක්ෂක විධිවිධාන රහිතව සකස් කරන ලද්දක් බවත් අමාත්‍යවරයා විසින් නොදැන සිටීමට හේතුවක් නැත.

​යම් කිසිවකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතු ටැටූ (පච්ච) හෝ ඇඳුම් පැළඳුම් අපරාධ කල්ලි විසින් භාවිතා කරන ඒවාට සමානදැයි මුලින් තීරණය කරන්නේ කවුද? එම තීරණ ගනු ලබන්නේ මෙම යෝජිත නීතිය යටතේ අති විශාල බලතල පවරනු ලබන පොලිස් නිලධාරීන් විසින්ය. එම බලතල අතර විනිසුරුවරයෙකුගේ අනුමැතියකින් තොරව මාස දෙකක් දක්වාද, ඉන්පසු වසරක් දක්වාද පුද්ගලයෙකු රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ඇතුළත් වේ. ඕනෑම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ හෝ පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම රැඳවුම් නියෝග නිකුත් කළ හැකිය.

රැඳවුම් නියෝගයක් නොමැති වුවද, මෙම නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති වුවද, එම පුද්ගලයා අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධානාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයාට සිදු වේ. අදාළ පුද්ගලයාගේ පච්චය හෝ ඇඳුම් පැළඳුම් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් එකක් බවත් පවසමින් පොලිසිය මෙම නීතිය යටතේ පුද්ගලයෙකු ඉදිරිපත් කල විට, මහෙස්ත්‍රාත්වරයාට ඔහුව රක්ෂිත බන්ධානාගාරගත කිරීමට සිදුවනු ඇත.

එවිට එම පුද්ගලයාට ඇප ලබාගත යුත්තේ මහාධිකරණයෙනි. සාමාන්‍ය ජනතාවට මහාධිකරණ වෙත යාම කොතරම් අපහසුදැයි අපි දනිමු.

​අධිකරණ අමාත්‍යවරයා අපරාධ නඩු වලට පෙනී සිටි නීතිඥවරයෙකු වන බැවින්, අධිකරණයක සාක්ෂි ලෙස පාපොච්චාරණ පිළිගැනීමට ඉඩ සැලසීමේ ඇති අනතුරු සහ එය විසින් වධහිංසා පැමිණවීමේ හා අපයෝජනයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන ආකාරය අමාත්‍යවරයා හොඳින් දනී.

 ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සාමාජිකයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ හදිසි නීති රෙගුලාසි යටතේ මෙම වධහිංසා පැමිණවීම්වලට, අපයෝජනවලට සහ දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම්වලට ගොදුරු වූවෝ වෙති.

​මෙම නව පනත් කෙටුම්පත කාලීන අවශ්‍යතාවයක් ලෙස සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන්නන් විසින්, විවිධ රජයන් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි සහ ICCPR පනත අයථා ලෙස භාවිතා කර ඇති ආකාරයත්, එය ජනතාවට ඇති කළ අපමණ හානියත් දැකගත යුතුය.

මෙවැනි නීති අයථා ලෙස භාවිතා කිරීම අත් දැක ඇති සහ එහි වින්දිතයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කොට ඇති අපට මෙහි ඇති සැබෑ අවදානම දකින්නට පුළුවන. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka