gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ ඉරණම ලගම විසදෙයි... නඩුවට ත‍්‍රිපුද්ගල මහාධිකරණයක්... තවත් සති දෙකක් රිමාන්ඩ්!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රක්ෂිත බන්ධනාගාර කාලය ලබන 27 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ කිසිදු විශේෂ කරුණක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම නියෝගය ලබාදුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව වහාම අධිචෝදනා ගොනු කර ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙසද අල්ලස් කොමිසමට නියම කළේය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම එක්ව සිදුකළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත්, ඒ පිළිබඳ සම්පූර්ණ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් සඳහන් කළේය.

ඒ අනුව සැකකරුවන්ට එරෙහිව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව හෙතෙම අධිකරණයට ප්‍රකාශ කළේය.

එමෙන්ම, මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ විභාගයට ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, එබැවින් ඉදිරියේදී මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි නොකැඳවන බවද පෙන්වා දුන්නේය.

මීට අමතරව, මෙම සිද්ධියට අදාළ පස්වැනි සැකකරු ලෙස ‘ඩිස්සොලුෂන්’ සමාගම නම් කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් අනාවරණය කළේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka