gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කාවන්තිස්සට වෙඩි තැබූ වෙඩික්කරු අත්අඩංගුවට..

ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ සැරිසැරූ උසින් වැඩිම සහ විශාලතම ශරීරයකට හිමිකම් කී හස්තිරාජයෙකු වූ ‘කාවන්තිස්ස’ ඇතාට වෙඩි තැබූ බවට සැකකෙරෙන ප්‍රධාන වෙඩික්කරු ගිනිඅවි දෙකක්ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය තහවුරු කරයි.

පොලීසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මීගලෑව සහ ගල්ගමුව, හුණුගල්ලෑව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී ගිනිඅවි දෙකක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. 

අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ප්‍රදේශයේ දඩයමේ යෙදුණු අයෙකුද නැතහොත් වගා බිම් ආරක්ෂා කරගැනීමේ මුවාවෙන් වන සතුන්ට වෙඩි තැබූවෙකුද යන්න අනාවරණය කරගැනීම සඳහා පොලීසිය සහ වනජීවී නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

වයඹ වනජීවී කලාපයට අයත් ගල්ගමුව, රස්වෙහෙර, මීගලෑව සහ කලා වැව අවට වනාන්තරවල සැරිසැරූ ‘කාවන්තිස්ස’ යනු අඩි 10කට වඩා උසකින් යුක්ත වූ, ශ්‍රී ලංකාවේ සිටි විශාලතම හා දර්ශනීයම දළ ඇතෙකි. 

පසුගිය කාලසීමාවේදී මෙම හස්තියා වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමඟ, සත්ව ලෝලීන් ඇතුළු සමස්ත රටවැසියන් තුළ දැඩි කම්පනයක් හටගත්තේය.

ගල්ගමුව සහ මීගලෑව කලාපය යනු අලි - මිනිස් ගැටුම මෙන්ම වන සතුන් දඩයම් කිරීම සහ ඇත් දළ ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් බහුලව වාර්තා වන ප්‍රදේශයකි. මීට පෙර මුළු රටම හඬවමින් ඝාතනයට ලක්වූ සුප්‍රකට ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාද ජීවත් වූයේ මෙම කලාපයේමය.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව වන අලියෙකුට හෝ ඇතෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම හෝ මරණයට පත්කිරීම ඇප ලබාදිය නොහැකි බරපතළ වරදක් වන අතර, වැරදිකරුවන්ට වසර ගණනාවක සිරදඬුවම් සහ දැඩි දඩ මුදල් නියම කිරීමට නීතියෙන් ප්‍රතිපාදන සලසා ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka