විහාරස්ථානයක බුදුපිළිම පහක් කඩලා..- විහාරාධිපතිහිමි පොලිසි යයි..
හාලිඇල උඩදොම්පේ ශ්රී විසුද්ධාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේලා වටා කුටිවල තැන්පත් කර තිබූ බුදු පිළිම 5 කට අලාභ හානි සිදුකර ඇතැයි විහාරාධිපති හිමියෝ පැමිණිලි කර ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.
ඉකුත් 17 වැනිදා රාත්රි කාලයේ හෝ 18 වැනිදා අලුයම් කාලයේ සිදුකළ මෙම අපරාධය දේශපාලන ක්රියාවක්ද නැතිනම් වෙනත් විරසකයක් මත සිදුවුවක් දැයි විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙසද උන් වහන්සේ සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
මේ ස්ථානයේ වඳුරන් ගැවසී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ අතර මෙය සුළු අපරාධයක් ද නැතිනම් වෙනත් හේතුවක් නිසා සිදුවූවක් දැයි සොයා විමර්ශන සිදුකරන අතර එම විමර්ශනයේදී අනාවරණය වන සාක්කි මත ඉදිරි නීතිමය පියවර ගන්නා බවද පොලිසිය පැවැසීය.
පාලිත ආරියවංශ
බදුල්ල
-lankacnews
විහාරස්ථානයක බුදුපිළිම පහක් කඩලා..- විහාරාධිපතිහිමි පොලිසි යයි..
2026-10-20T21:15:00+05:30
Gossip Lanka Hot News





