අවශ්‍ය අය හෝමුස් ගිහින් තෙල් ගන්න.. හැමෝම වෙනුවෙන් තනියම යුද්ද කරන්න අපට බෑ.. අපිට තෙල් තියෙනවා..- ට‍්‍රම්ප්
හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ගුවන් යානා ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින එක්සත් රාජධානිය ඇතුළු මිත්‍ර රටවල් ඉලක්ක කරගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග සඳහා සහාය දීම ප්‍රතික්ෂේප කළ එක්සත් රාජධානිය ඇතුළු රටවල් විවේචනය කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එම අර්බුදයට මුහුණ දීම සඳහා තමන් සතුව යෝජනා දෙකක් ඇති බවයි.
ඉන් පළමු යෝජනාව වන්නේ, අවශ්‍ය නම් ඇමෙරිකාවෙන් ඉන්ධන මිලදී ගන්නා ලෙසයි. ඒ සඳහා අවශ්‍ය තරම් ඉන්ධන සංචිත ඇමෙරිකාව සතුව පවතින බව හෙතෙම සඳහන් කරයි.
දෙවැන්න ලෙස ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රමාද වී හෝ යම් ධෛර්යයක් උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත ගොස් එහි පාලනය තමන් සතු කර ගන්නා ලෙසයි.
"තමන් වෙනුවෙන් තමන්ම සටන් කරන්නේ කෙසේදැයි ඔබ දැන්වත් ඉගෙන ගත යුතුයි. ඔබ අප වෙනුවෙන් පෙනී නොසිටියාක් මෙන්ම, මින් ඉදිරියට ඔබට උදවු කිරීමට ඇමෙරිකාවද නොසිටිනු ඇත," යනුවෙන් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
තවද, ඉරානය මේ වන විට මුළුමනින්ම පාහේ විනාශ කර අවසන් බවත්, ගැටලුවේ වඩාත්ම දුෂ්කර කාර්යය දැනටමත් නිම කර ඇති බැවින් තමන්ට අවශ්‍ය තෙල් තමන් විසින්ම සොයා ගන්නා ලෙසත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අවශ්‍ය අය හෝමුස් ගිහින් තෙල් ගන්න.. හැමෝම වෙනුවෙන් තනියම යුද්ද කරන්න අපට බෑ.. අපිට තෙල් තියෙනවා..- ට්රම්ප්
2026-10-05T17:23:00+05:30
Gossip Lanka Hot News





