රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් අත්හිටුවයි..
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයා වෙන රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබේ.
දැනට සිදු කරන විමර්ශනයකට අදාළවඅපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතියේ ප්රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එම විමර්ශනයේ කොටසක් ලෙස අදාළ බැංකු ගිණුම් අත්හිටුවීමට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් නාවල පිහිටි රකිත රාජපක්ෂ මහතාගේ නිවස වෙත ගොස් ඇති අතර එම නිලධාරීන් අදාළ නිවේදනය භාරදීමට යන අවස්ථාවේ දී රඛිත රාජපක්ෂ මහතා නිවසේ සිට නොමැති බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් අත්හිටුවයි..
2026-10-29T17:34:00+05:30
Gossip Lanka Hot News





