gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වරෙන්තු ලබා සිටි ඥානසාර හිමි අත්අඩංගුවට

අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටිගල තවලම පාරේ  ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි

2016 වර්ෂයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනි සිට බලහත්කාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් 2018 වසරේදී අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් වරදකරුකර වසර හයක කාලයකට බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා  ඥානසාර හිමිට ජනාධිපති සමාව පිරිනැමීය.

ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත ලද පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ඥානසාර හිමයන්ට ලබා දි තිබූ ජනාධිපති සමාව අහෝසි කර නැවත බන්ධනාගාර ගත කරන ලෙසට අභියාචනාධිකරණය ඉකුත් (29) නියෝග කළේය.

ඉකුත් (30) කොළඹ අංක 09 මහාධිකරණයේ විභාග වූ ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ සම්බන්ධයෙන් පැවති නඩු කටයුත්තකට ඥානසාර හිමියන් පෙනී නොසිටීම හේතුවෙන් ද වරෙන්තුවක් නිකුත් කර තිබූ බව උසස් පොලිස් නිලධායෙක් කීය

අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති අයකුට අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ආරක්ෂාව ලබාදීම සිදුකළ නොහැකි බැවින් ඥානසාර හිමිගේ විහාරස්ථානය වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාවද ඉකුත් 30වෙනි දින සිට ඉවත් කිරීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක සුරවීර මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල කාරියවසම්, ,ඒකක පහ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මදුක බාසිත රසාංජන මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
-lankadeepa

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka