gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කවුද කියා අදාල නෑ.. ඥණසාර හිමිට බන්ධනාගාර ඇදුම තමයි..- බන්ධනාගාරයෙන් ප‍්‍රකාශයක්

අධිකරණයකින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාර ඇඳුම ඇඳ සිටිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා ප්‍රකාශ කරයි. බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ ඇඳුම් භාවිතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළවන විවිධ අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

බන්ධනාගාර නීති රෙගුලාසි ප්‍රකාරව, යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇති අවස්ථාවක, එම දඬුවම් කාලසීමාව තුළ උන්වහන්සේට චීවරය දරා සිටීමට බාධාවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. කෙසේ වෙතත්, නියම වී ඇත්තේ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නම්, පුද්ගල තරාතිරම නොබලා ඕනෑම අයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

සිරදඬුවම් නියම වූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ක්‍රියාත්මක වන රීති පිළිබඳව ද කරුණු පැහැදිලි කළ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නියම වූ සිරදඬුවම වසර තුනකට අඩු අයෙකු අධිකරණයට රැගෙන ඒමේදී, දඬුවම ලැබීමට පෙර ඔහු ඇඳ සිටි සාමාන්‍ය ඇඳුම ඇඳීමට ඉඩදීමේ අභිමතය බන්ධනාගාර අධිකාරීවරයා සතු බවයි. එවැනි තත්ත්වයක් යටතේ භික්ෂූන් වහන්සේ නමකට සිවුර ඇඳ අධිකරණය හමුවට පැමිණීමට අවසර හිමිවිය හැකි බව ද ඔහු පවසයි.

නමුත් යම් පුද්ගලයෙකුට වසර තුන ඉක්මවූ සිරදඬුවමක් නියම කර ඇත්නම්, ඔහු කවර තරාතිරමක අයෙකු වුවද අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ බන්ධනාගාරයෙන් නිකුත් කෙරෙන නිල ඇඳුමින් සරසා පමණක් බව බන්ධනාගාර කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

තවද, මේ වන විට දිවයිනේ බන්ධනාගාර තුළ ආගමික පූජකවරුන් 63 දෙනෙකුට අධික පිරිසක් සිරදඬුවම් විඳිමින් සිටින අතර, එම සියලු දෙනාම සිර ඇඳුමින් යුතුව බන්ධනාගාරවල රඳවා සිටින බව ද පල්ලෙතැන්න මහතා වැඩිදුරටත් අනාවරණය කරයි.

"බන්ධනාගාර නීති රෙගුලාසි අනුව, ගරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැක. සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතුයි.

බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී, ඔහුගේ සිරදඬුවම වසර තුනකට වඩා අඩු නම්, ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාට අවසර දිය හැක. එවැනි අවස්ථාවකදී ගරු භික්ෂූන් වහන්සේ නමකටද සිවුර ඇඳීමට අවසර ලබා දිය හැක.

නමුත් වසර තුනකට වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

ඒ වගේම දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරදඬුවම් විඳිමින් ඇති අතර, එබඳු ආගමික උතුමන් සිර ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින බවද කාරුණිකව දන්වමි"

-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka