gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නොබෝසත්තු රජ නොවිය යුතුයි... රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි - අස්ගිරියෙන් ප‍්‍රකාශයක්!

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. 

පාලකයන්ට රජකම හිමිවන්නේම බුද්ධ ශාසනයත් සම්බුද්ධ චීවරයත් ආරක්ෂා කරගැනීම උදෙසා බව පෙන්වා දෙන උන්වහන්සේ, වර්තමානයේ රට තුළ අසන්නට සහ දකින්නට ලැබෙන ඇතැම් සිදුවීම් පිළිබඳව බලවත් සංවේගයක් උපදින බවද සඳහන් කළහ.

ආගමික වැඩසටහනක් අමතමින් නාහිමියන් මෙම අදහස් පළ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අනුශාසනා කළ අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්, 

"අපේ සෙල්ලිපිවල සඳහන් වෙනවා නොබෝසත්තු - එනම් බෝසත් නොවන මිනිස්සු මේ රටේ රාජ්‍යයට පත් නොවිය යුතුයි කියලා. මේ රට පාලනය කළ යුත්තේ බෝසත් සිතුම් පැතුම් ඇති අයයි. ඒ උතුම් චීවරය ආරක්ෂා කරන්නට තමයි රජකම ලැබෙන්නේ. එහෙත් වර්තමානය වන විට අපට අහන්න, දකින්න ලැබෙන විවිධ සිදුවීම් හේතුවෙන් මහත් සංවේගයක් හටගන්නවා," යනුවෙන් ප්‍රකාශ කර සිටියහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka