gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පසුගිය වසර 5ට 79ක් පොලිස් අත්අඩංගුවේදී මරුට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL)  නිකුත් කර ඇති නිල වාර්තාවලට අනුව, 2020 වසරේ  සිට 2025 වසරේ  මැයි මාසය දක්වා කාලයේදි  පමණක්  79 දෙනෙකු  පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත.

පොලිස් සිර මැදිරිවල සිටියදී   49  දෙනකුද   අත්අඩංගුවට ගැනීමෙන් පසු සඟවන ලද ආයුධ පෙන්වීමට යෑම වැනි පොලිස් මෙහෙයුම්වලදී සිදු වූ ගැටුම්වලින් තවත්  30 දෙනෙකුද මෙලෙස  මියගොස් තිබේ.

ඒ අනුව එම වසර පහේදී  පොලිස්  බාරයේදී සිදුව අැති සමස්ත මරණ සංඛ්‍යාව 79 කි.

හෝමාගම සහ කොබෙයිගනේ වැනි ප්‍රදේශවලින් මේ මාසයේදී  පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෝ දෙදෙනෙක්  මිය ගියහ. ඒ සම්බන්ධයෙන්  පොලිස් නිලධාරීන් පිරිසක්  අත්අඩංගුවට ගෙන  අැති අතර  විමර්ශන  වැඩිදුරටත්  ක්‍රියාත්මක වෙමින් පවතී.

පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මෙවැනි අත්අඩංගුවේ සිටියදී සඅදචුවන  මරණ (Custodial Deaths) වැළැක්වීම සඳහා මානව හිමිකම් කොමිසම  පොලිසිය වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක්  නිකුත් කර ඇත.

මෙයට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද මෙවැනි මරණ වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රජයෙන්   ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචි හේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් සහ වැඩ තහනමට ලක්ව සිටින නිලධාරින්ගෙන්ද  ඉදිරි දිනවල ප්‍රශ්න කිරීමට නියමිත   බවයි.

(සුජිත් හේවාජුලිගේ )
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka