අයෝජකයෝ රට අතහැර පැන දුවති… චීන සමාගම වරාය නගරය අතහරී… ඩොලර් මිලියන 392ක් රැගෙන යයි…!
කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 392ක දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන (SACLH) ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට එහි කොටස්කරුවෝ තීරණය කරති.
චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම නිකුත් කළ නිවේදනයකට අනුව, ව්යාපෘතිය අවසන් කිරීම සඳහා ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 21.9ක මුදලක් ගෙවීමට නියමිතය. අදාළ අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කළ දින සිට දින 30ක් ඇතුළත මෙම මුදල එකවර ගෙවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.
චීන සමාගමේ අනුබද්ධ ආයතනය විසින් ව්යාපෘතිය සඳහා මුලින් ආයෝජනය කර තිබූ ඩොලර් මිලියන 26ක මුදලින්, අදාළ බදු සහ ප්රමාද ගාස්තු අඩු කිරීමෙන් පසු ඉතිරි වන මුදල ඩොලර් මිලියන 21.9ක් ලෙස ගණනය කර තිබේ.
ව්යාපෘතියට බලපෑ බාහිර සාධක සහ කාල රාමුවේ සිදුවූ වෙනස්කම් ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන, ව්යාපෘතිය අවසන් කිරීම සියලු පාර්ශ්වයන්ට වඩාත් සුදුසු තීරණයක් වනු ඇති බව ද සමාගම පෙන්වා දෙයි.
මෙම ව්යාපෘතියේ සියයට 70ක කොටස් චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සතු වූ අතර, ඉතිරි සියයට 30ක කොටස් ඇක්සස් ඉංජිනියරින් සමාගම සහ ශ්රී ලංකා වරාය අධිකාරිය අතර සියයට 15 බැගින් බෙදී තිබිණි.
- emanisa
අයෝජකයෝ රට අතහැර පැන දුවති… චීන සමාගම වරාය නගරය අතහරී… ඩොලර් මිලියන 392ක් රැගෙන යයි…!
2026-10-19T17:16:00+05:30
Gossip Lanka Hot News





