නාමල් වැලිකඩ වෙනම කූඩු කරයි
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳව පවතින විශේෂ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව බන්ධනාගාර උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
වාර්තා වන පරිදි, මන්ත්‍රීවරයා රඳවා සිටින මෙම විශේෂ මැදිරියේ ඔහු සමඟ තවත් රැඳවියන් දස දෙනෙකු රඳවා සිටියි.
මීට පෙර, එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා ලබන 18 වනදා නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
නාමල් වැලිකඩ වෙනම කූඩු කරයි
2026-09-05T10:36:00+05:30
Gossip Lanka Hot News






