gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“නාමල්ගේ නඩුව අපි දාපු එකක් නෙමෙයි... ඒක දැම්මේ රනිල්ගේ කාලේ... රනිල්ට ඒක අමතක වෙලා” – ඇමැති විජිත කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුව වත්මන් ආණ්ඩුව විසින් ගොනුකරන ලද්දක් නොව, රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී ගොනුකරන ලද්දක් බව අමාත්‍ය විජිත හේරත් අද පැහැදිලි කළේය.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම නඩුව ආරම්භ කර තිබූ බවයි.

“මේක අපි ගොනු කරපු නඩුවක් නෙමෙයි. මේක කළින්, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ ගොනුකරපු එකක්. එතුමාට ඒක අමතක වෙලා වගෙයි” යනුවෙන් ඇමැති හේරත් පැවසීය.

පසුගිය රජය මෙම කරුණ සම්බන්ධයෙන් නිසි නඩු විභාග හෝ අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට අපොහොසත් වූ බවට වැඩිදුරටත් චෝදනා කළ අමාත්‍යවරයා, එය “ඔවුන් අතර පැවැති ඩීල් එකක්” ලෙස ද හැඳින්වීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, මීට පෙර නොසලකා හැර තිබූ සියලුම නඩු විභාග කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka