මහින්දගේ ලොකු පුතා නාමල් ඇතුලේ ඉද්දී යෝෂිතටයි, රෝහිතටයි අලුත් ලෙඩක් පත්තු වෙන ලකුණු!! වෙන අයගේ නම්වලින් විශාල වතුයායක් සහ බංගලාවක් අරන්!!
හිටපු ජනාධිපති පුත්රයන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ විසින් පුද්ගලයින් තිදෙනෙකුගේ නම් භාවිතා කරමින් රහසිගතව දේපළ අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් ‘අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහිව පුරවැසි බලය’ සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා පවසන පරිදි, දොළොස්බාගේ ප්රදේශයේ පිහිටි ‘කෙලී ගෲප්’ වතුයායට අයත් අක්කර 135ක තේ ඉඩමක් සහ 1918 වසරේ ඉදිකරන ලද අක්කර භාගයක පමණ වපසරියකින් යුත් බංගලාවක් මෙලෙස අත්පත් කරගෙන ඇත.
මෙම දේපළ ගනුදෙනුව සඳහා ‘ඔසාඩා ප්ලාන්ටේෂන්’ නමැති සමාගමක් භාවිතා කර ඇති බවත්, එහි අධ්යක්ෂවරුන් ලෙස ඒ.එස්. රිෂාඩ්, එම්.එස්. මොහොමඩ් සාමි සහ එම්.එස්.එම්. රිෂාඩ් යන පුද්ගලයින් පෙනී සිටින බවත් ඔහු අනාවරණය කළේය.
මීට අමතරව, මියගිය පුද්ගලයෙකු වන අරුණ විධානගේ සහ නෙවිල් නමැති පුද්ගලයෙකු හරහා ද මෙම ගනුදෙනු සිදුව ඇති බවට අදාළ ලේඛන මගින් තහවුරු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“මෙම දේපළ මිලදී ගැනීමට යෙදවූ මුදල් සොයාගත්තේ කොහෙන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි. මහජන මුදල් අවභාවිත කරමින් මෙලෙස දේපළ රැස්කර ඇත්නම්, ඒවා වහාම රජයට පවරා ගැනීමට කටයුතු කළ යුතුයි,” යැයි කාමන්ත තුෂාර මහතා අවධාරණය කළේය.
මෙම පැමිණිල්ලට අදාළ සියලුම සමාගම් ලියාපදිංචි ලේඛන සහ අනෙකුත් සාක්ෂි අල්ලස් කොමිසම වෙත භාර දී ඇති බව ද ඔහු පැවසීය.
මේ පුවත තව අයට බලන්න
මහින්දගේ ලොකු පුතා නාමල් ඇතුලේ ඉද්දී යෝෂිතටයි, රෝහිතටයි අලුත් ලෙඩක් පත්තු වෙන ලකුණු!! වෙන අයගේ නම්වලින් විශාල වතුයායක් සහ බංගලාවක් අරන්!!
2026-09-08T20:27:00+05:30
Gossip Lanka Hot News




.jpg)


