gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විවේකය අවසන්.. ජනපති යලිත් රට වටා... ‘අපේ ආණ්ඩුව’ ජනරැලි අනිද්දා මාතර!

'අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි' යන තේමාව යටතේ දිවයින පුරා සංවිධානය කරනු ලබන මහජන රැලී මාලාවේ ඉදිරි අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

කෙටි විරාමයකින් පසු යළි ආරම්භ වන මෙම රැලී මාලාව යටතේ එළඹෙන 20 වැනිදා පස්වරු 2.00ට අකුරැස්සේදී සහ එදින පස්වරු 3.00ට වැලිගමදී ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් ජනහමු පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

පසුගිය සැප්තැම්බර් 13 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය සහ නොච්චියාගම යන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම රැලී මාලාව අවසන් ජනහමු පැවැත්වුණු අතර, ඊට විශාල ජන සහභාගිත්වයක් තිබින.

වත්මන් රජය ගෙවීගිය කාලසීමාව තුළ රට තුළ ක්‍රියාත්මක කළ ජනතා සුබසාධන හා සංවර්ධන වැඩපිළිවෙළ මෙන්ම ඉදිරි ආර්ථික සහ සමාජයීය ඉලක්ක පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දීපව්‍යාප්ත ජනරැලී මාලාව සංවිධානය කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka