gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපි යන්නේ 71 සහ 88-89ත් බැරිවුණු රාජ්‍ය බලය අල්ල ගන්න… ආණ්ඩු බලය විතරක් මදියි…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන…

පසුගිය මැතිවරණවලදී තමන්ට ආණ්ඩු බලය ලැබුණු නමුත් රාජ්‍ය බලය සම්පූර්ණයෙන් තමන්ට නොලැබුණු බව නි. අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. මෙවර තමන්ට බලය ලැබුණු ආකාරය වෙනස් බවත් 1971 හෝ 1988-89 හෝ පහර දී බලය ලබාගත්තේ නම් ඒ සමග ආණ්ඩු බලය මෙන්ම රාජ්‍යය බලයද තමන්ට ලැබෙන බව නි. ඇමතිවරයා අවධාරණය කරයි.

මාලිමාව බලයට පත්වීම වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් මැතිවරණයකින් බලය ලබාගත් ලොව පළමු අවස්ථාව බවද දැන් ගතවන්නේ එම රාජ්‍ය බලය ලබා ගැනීමට යන සංක්‍රාන්ති කාලය බවත් ඔහු ප්‍රකාශ කරයි.

වාමාංශික ව්‍යාපාරයක් මැතිවරණයකින් ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය බලය තමන්ට උවමනා ආකාරයට මෙහෙයවමින් තමන් බලාපොරොත්තු වන තැනට රට රැගෙන යන ආකාරය පිළිබඳ ලෝකයට ආදර්ශයක් දීම සඳහා තමන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද නි. ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි.

ජාතික ජන බලවේග තරුණ සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka