"මම කැමති නැහැ දඩුවම් ලිහිල් කරන්න.... ඒක මට ලැජ්ජයි" - පාස්කු මහ නඩුවේ 07 වැනි වරදකරු අධිකරණයට කළ ප්‍රකාශය මෙන්න
පාස්කු නඩු විභාගයේදී අද (22) දින වරදකරු වු 07 වන වරදකරු වන මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන් තමන්ට නියම කළ දඬුවම ගැන මෙසේ විවෘත අධිකරණයේදී කරුණු ඉදිරිපත් කළා.
" ස්වාමීනි මම නිවැරදිකරු. මම මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරනවා. මෙම මේ සිද්ධියට සම්බන්ධ නැහැ. හෘද සාක්ෂියයි නීතියයි කියලා දෙකක් තියෙනවානේ. මම කැමති නැහැ දඩුවම් ලිහිල් කරන්න ඉල්ලන්වත්. ඒක මට ලැජ්ජයි. මම වරදක් කළේ නෑ. මම දඬුවම ලිහිල් කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.
කිසිම චෝදනාවක් මට නැහැ. මම අවුරුදු හත හමාරක් මවුලවි කෙනෙක් විදිහට වැඩ කළා. මම දැන් බන්ධනාගාරගත කරලා ඉන්නවා. මගේ පවුලේ අම්මට දියවැඩියාව. තාත්තට රුධිර පීඩනය.
මම විවාහ වෙලා හිටියේ. හැබැයි මම රක්ෂිත බන්ධනාගාරගත වුණාට පස්සේ සී අයිඩී එකේ නිලධාරීන් මගේ බිරිඳව බය කරලා. ඒ නිසා මගේ බිරිඳ මටත් හොරෙන් ඩිවෝස් වෙලා. මට දැන් 34යි. මාව අත්අඩංගුවට ගන්න 27යි.
මම නීති විභාගයෙන් ටොප් මාක්ස් ලබා ගත්තා. මම නීතිය විශ්වාස කළා. සුප්‍රින් කෝට් එකෙන් හරි මට සහනයක් ලැබෙයි කියලා තවදුරටත් නීතිය විශ්වාස කරනවා.
මෙම සිද්ධිය තීන්දුව ලබා දෙන්න ක්ලෝස් ෆයිල් එකක් නෙවෙයි. මොකක්ද මේක ඕපන් ෆයිල් එකක්. නමුත් ඉක්මනට තීන්දුව ලබා දුන්නා. මෙම සිද්ධියට අදාල තවත් අය රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරනවා. වෙනත් අය ගැන සිද්ධියට අදාල ප්‍රධාන චෝදනාවට මම වරදක් කරලා නැහැ. මම දේශන පැවැත්තුවා විතරයි.
මගේ පිටිපස්සේ හැරිලා බලද්දි මම මොනවා හරි කළා වගේ පේනවා ඇති. නමුත් මම වරදක් කරලා නෑ. ලිහිල් දඬුවමක් ලබා දෙන්න.”
මේ පුවත තව අයට බලන්න
"මම කැමති නැහැ දඩුවම් ලිහිල් කරන්න.... ඒක මට ලැජ්ජයි" - පාස්කු මහ නඩුවේ 07 වැනි වරදකරු අධිකරණයට කළ ප්‍රකාශය මෙන්න
2026-09-22T22:24:00+05:30
Gossip Lanka Hot News






