‘කොස්මල්ලි’ගේ මස්සිනා ඝාතනය කරයි
"කොස්මල්ලි" නමින් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයෙකුගේ මස්සිනා බව කියන පුද්ගලයෙකු දෙහිවල ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ ඝාතනය කර ඇති බව දෙහිවල පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
මේ පුවත තව අයට බලන්න
‘කොස්මල්ලි’ගේ මස්සිනා ඝාතනය කරයි
2026-09-07T19:49:00+05:30
Gossip Lanka Hot News






