gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ළමා රෝහලට CT යන්ත්‍රයක් දෙන මුවාවෙන් සිරිලිය පදනම කෝටියක් 'ගැහූ' හැටි හෙළිවේ!

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබූ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන, චීන රජයෙන් මෙරටට ලැබුණු යන්ත්‍රයක් රෝහල වෙත පරිත්‍යාග කළ බවට කියන සිදුවීමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු 'සිරිලිය පදනමේ' සාමාජිකයන් සහ ඊට සම්බන්ධ පාර්ශ්වයන් ඉලක්ක කරගනිමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

නීතිපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පවසමින්, සිරිලිය පදනමේ සභාපතිනිය ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ලිපියක් මගින් දැනුම් දීමක් සිදු කර ඇත.

එම ලිපිය පදනම් කරගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ලබාදුන් වාචික උපදෙස් මත රුපියල් කෝටියක මුදලක් සිරිලිය පදනම වෙත මුදාහැර තිබේ. කෙසේ වෙතත්, එම මුදලින් අදාළ යන්ත්‍රය මිලදී ගත් බව අඟවමින්, චීන රජයෙන් ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට ලබාදී තිබූ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් රෝහලට පරිත්‍යාග කර ඇති අතර, බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටියක මුදල අයථා ලෙස භාවිත කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ උපදෙස් මත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇතුළු කිහිප දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඉදිරියේදී සිරිලිය පදනමේ සභාපති ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එම පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහ වගකිවයුතු අනෙකුත් නිලධාරීන් මූල්‍ය විමර්ශන ඒකකය හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව සිදු කෙරේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka