හිටපු හමුදා ප්‍රධානියෙක්ට අයිති කොළඹ හෝටල් දෙකක් වහාම කඩා දමන්න නියෝග... ශිරාන් බාෂික්ගේ හොටල් 05ක් කඩයි
දෙහිවල සිට බම්බලපිටිය දක්වා වෙරළ තීරණයේ අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිලි 19 ක් මෙම මස 10 වැනිදාට පෙර ඉවත්කරන ලෙස දැනුම්දී ඇති බවත් එදිනට පෙර එම ගොඩනැගිලි ඉවත්නොකළහොත් ඒවා ඉවත්කිරීමට කටයුතු කරන බවත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට සඳහන් කර තිබෙනවා.
ඉවත්කරගන්නා ලෙස දැනුම්දී ඇති අනවසර ගොඩනැගිලි 19 න් හෝටල් ලෙස පවත්වාගෙන යන ගොඩනැගිලි 5 ක් ඩුබායිහි සැඟවසිටියදී පසුගියදා මෙරටට රැගෙන ආ මහාපරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයිති යැයි හෙළිවී ඇති බව කී එම උසස් නිලධාරියා තවත් හෝටල් දෙකක් මෙරට ප්‍රධානම රාජ්‍ය ආරක්‍ෂක අංශයක හිටපු ප්‍රධානියකුට සහ ඔහුගේ සොහොයුරියකට අයත් බව ද සඳහන් කළේය.
හෝටල් සහ නිවාඩු නිකේතන ලෙස පවත්වාගෙන යන එම ගොඩනැගිලි ඉවත්කරගන්නා ලෙස ඒවා පවත්වාගෙන යන පුද්ගලයන්ට දැනුම් දුන් බවත් එසේ නොවුණ හොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම වෙරළේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ කටයුතු ක්‍රියාතමක කරයි.
මේ පුවත තව අයට බලන්න
හිටපු හමුදා ප්‍රධානියෙක්ට අයිති කොළඹ හෝටල් දෙකක් වහාම කඩා දමන්න නියෝග... ශිරාන් බාෂික්ගේ හොටල් 05ක් කඩයි
2026-09-08T19:57:00+05:30
Gossip Lanka Hot News






