gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියා යන්න.. පන්සලේ කොත තැන්පත් කරන්න.. මට වැඩ ගොඩක් තියෙනවා.. මට ඇප දෙන්න

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (29) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, සැකකරුට සැප්තැම්බර් (26) වැනිදා හිඟුරන්කෙත පොත්ගුල් විහාරයේ කොතක් පැළදවීමට ඇති බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ,

“ස්වාමීනි., සැකකරුට ඉන්දීය රජයෙන් ආරාධනාවක් ලැබී තිබෙනවා. ඉන්දියාවේ සංචාරයක නිරත වීමට. ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා එම සංචාරයත් අවලංගු කිරීමට සිදුවෙනවා.

ඒ වගේම හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම පෙරහැර දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහැරට පමණයි. එම පෙරහැර පැවැත්වෙන්නේ සැප්තැම්බර් (26) වැනිදා රාත්‍රී 7.42ට.

එම විහාරස්ථානයේ කොත තැන්පත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් මේ සැකකරුට ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටියහොත් එම කටයුත්තට සහභාගී වීමට නොහැකි වෙනවා.

එසේ වුවහොත් ඒ ආරාධනාව කළ ස්වාමීන් වහන්සේට කරන අගෞරවයක් වෙනවා ඒක. එම නිසා මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට සුදුසු කොන්දේසියක් මත ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.”

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ,

“ඉන්දියානු සංචාරය මෙන්ම විහාරස්ථානයක කොත තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණුත් සුවිශේෂී කරුණු වශයෙන් සැලකීමේ හැකියාවක් නැහැ. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා තීන්දුවක් ලබා දුන්නා.

බුද්ධ දර්ශනය අනුව දූෂණයෙන් මිදී කටයුතු කළ යුතු ආකාරය එම තීන්දුව තුළින් පැහැදිලිව අවධාරණය කර තිබෙනවා.

අංගුත්තර නිකාය හා සූත්‍ර පිටක ඔස්සේ විනිසුරුතුමා, බෞද්ධ දර්ශනයට අනුකූලව දූෂණයෙන් මිදීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ධර්මානුකූලව කටයුතු කළ යුතු ආකාරය ගැනත් කරුණු පැහැදිලි කර තිබෙනවා.

මෙතන එවැනි තත්ත්වයක් නෑ. එවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් හොඳයි. මෙම කරුණු සුවිශේෂී කරුණු හැටියට සලකන්න බෑ. සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ඉදිරිපත් වීමක් නෑ ස්වාමීනි. එම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka