gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මරණ දඩුවම නියම වු අනෝජන්ට සමාව ගන්න උත්සාහ කරනවා!

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට පැවසෙන සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ලබාදී ඇති දඩුවම අඩු කරගැනීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව එක්සත් අරාබි රජය සමග සාකච්ඡා කිහිපයක් සිදුකර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සිවරාසා අනෝජන්ට නීතිඥ සහාය ලබාදීමට එක්සත් අරාබි තානාපති කාර්යාලය මැදිහත්වී වූ අතර විශේෂ නිලධාරියෙක් මේ සඳහා යොමු කළ බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka