gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“ලිමිනි අනුරාධපුරේ ස්ටේජ් නගින්නෙ නැහැ; මම නාමල් ගැන කතානරන්න ජිනීවා යන ගමන්”

milinda rajapaksha
අනුරාධපුරේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සභාගිවන බවට නාමල් රාජපක්ෂට පොරොන්දු වී ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මන්ත්‍රි නාමල් රාජපක්ෂ බ්‍රහස්පතින්දා සවස සිය පියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා හමුවී අල්ලස් කොමිසමට යාම දන්වා ඇති බවත්, එහිදී ‘‘ඔයා පුතා යන්න. බැරි වෙලාවත් ඔයා රිමාන්ඩ් කළොත් මම අනුරාධපුරේ රැස්වීමේ නගින්නම්. රජරට මිනිස්සු මගේ ගුණ සුවඳ හොඳට දන්නවා. මම ජනාධිපති වුණත් අගමැති වුණත් මන්ත්‍රි වුණත් මහින්ද රාජපක්ෂ’’ යැයි හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට පොරොන්දුවක් දී ඇතැයි පැවසේ.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ මහත්මිය ද පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීමට එක්වන බවට පැතිර ඇති මාධ්‍යවාර්තා ගැන අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එය කිසිදු අයුරකින් සිදු නොවන බවත් ඇය අනුරාධපුර පොහොට්ටු වේදිකාවට නොනගින බවයි.

කෙසේවුවද, තමා අද (05) නාමල් රාජපක්ෂ මහතාට වත්මන් ආණ්ඩුවෙන් සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වෙත යන බවද කීය.

අප ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නා විටද තමා ජිනීවා වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි සිටින බවද ඔහු පැවසීය.

milinda rajapaksha
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka