gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නොරෝච්චෝලේ මහා ඩීසල් වංචාවක් එළියට.. ලොක්කෙක් ඉවතට... ලිපිගොනු කොළඹට!

 නොරෝච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය වෙත රැගෙන ආ රුපියල් කෝටි ගණනක් වටිනා ඩීසල් තොගයක් බලාගාරය වෙත නිසි පරිදි භාර නොදී සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අනාවරණය කරයි.

කොලොන්නාව සහ සපුගස්කන්ද යන ඉන්ධන ගබඩා පර්යන්තවලින් බලාගාරයේ භාවිතය වෙනුවෙන් නිකුත් කෙරුණු මෙම ඩීසල් තොග නිසි පරිදි බලාගාර පරිශ්‍රයට ලැබී නොමැති බව තහවුරු වී ඇත්තේ ආයතනය මඟින් සිදු කරන ලද අභ්‍යන්තර විගණනයකිනි.

විගණන වාර්තාවන්ට අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී අවස්ථා දෙකකදී සහ ජනවාරි මාසයේදී අවස්ථා තුනකදී වශයෙන් රුපියල් ලක්ෂ 160 කට අධික වටිනාකමකින් යුත් ඉන්ධන තොග මෙලෙස අතුරුදන්ව තිබේ. ජනන යන්ත්‍රවල ඇතිවන බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී මුලික පණ ගැන්වීම් සඳහා භාවිත කරන මෙම ඩීසල් රැගත් බවුසර් රථ බලාගාරයට ළඟා වූ බවට ව්‍යාජ ලෙස ලේඛන සටහන් තබා ඇති බවද එහිදී අනාවරණය වී ඇත. 

ඇතැම් ඉහළ නිලධාරීන්ගේද අනුදැනුම මත සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ජාවාරම දිගු කලක සිට මෙහෙයවා ඇති බවට සැක කෙරේ. මෙහි මූලික පියවරක් ලෙස, චෝදනා එල්ල වී ඇති ගබඩා භාරකරු වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කර වෙනත් නිලධාරියෙකු එම රාජකාරි සඳහා යොදවා ඇත.

විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමඟම, බලාගාරයේ තිබූ අදාළ සියලු ලිපිගොනු සහ ලේඛන පෙරේදා දිනයේදී කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ඒමට පියවර ගැනිණි.

එම කටයුතුවල නිරත විගණන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගිනිඅවි සහිත විදුලිබල මණ්ඩල ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීමට ද පියවර ගෙන තිබිණි.

මීට අමතරව, විගණන කණ්ඩායම විසින් සිදුකළ වැඩිදුර සෝදිසි කිරීම්වලදී භාවිතයට නොගෙන කල් ඉකුත් වීමට ඉඩහැර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක්ද හමුවී ඇති අතර, තවත් එවැනිම රසායනික තොගයක් විනාශ කර දමා ඇති බවද වාර්තා වේ.

මෙම වංචාව සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා සමාගමේ විගණන නිලධාරීන් විසින් පසුගිය 26 වනදා පුත්තලම පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇත. 

එසේම, බලාගාරය ආරම්භ කළ දින සිට මෙතෙක් සිදුව ඇතැයි සැලකෙන තවත් අක්‍රමිකතා රැසක් ඉලක්ක කර ගනිමින් ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට තවත් පුළුල් පරීක්ෂණයක් දියත් කිරීමට නියමිත බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka