gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුර පොහොට්ටු රැලියට නාමල් වෙනුවට ලිමිණි එයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියේ වේදිකාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි විරසිංහ රාජපක්ෂ පැමිණීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඊයේ (04) දිනයේදී අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තත්වයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අනුරාධපුර රැලියට පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

එහිදී ලිමිණි වීරසිංහ රාජපක්ෂ පළමුවරට පක්ෂයේ ප්‍රධාන වේදිකාවට ගොඩවී ජනතාව ඇමතීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය සමයේදී ලිමිණිගේ ජන්ම කේන්දර පත්‍රය පරීක්ෂා කළ ප්‍රකට ජ්‍යෝතිශවේදියකු ඇයගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහචාරය අනුව එය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කේන්දර තරම්ම ප්‍රබල යැයි පවසා තිබූ බවත් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර ගොස් තිබිණි.

උපුටා ගැනීම : Lanka News web 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka