gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මම මහින්ද ගෝඨා රනිල්ට තදින් ගැහුවා… හැබැයි ඒ කවුරුවත් අනුරලා වගේ දෙකයි පනහේ වැඩ කළේ නෑ…! – නීතිඥ අචලා සෙනෙවිරත්න..

Achala Seneviratne
තමා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහට තමන් හැමදාම තදින් පහර දුන් බවත් ඇතැම් අවස්ථාවල ආචාර ධාර්මික සීමා පවා ඉක්මවා අවමන් කළ බවත් ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නීතිඥ අචලා සෙනෙවිරත්න පවසයි.

නීතිඥවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පොලිසිය සිය රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එකල ඇතැම් පොලිස් ප්‍රධානීන් තමන්ට විරුද්ධව යම් යම් තර්ජන ගර්ජන කළද පෙර කී නායකයන් කිසිවෙකු තමන්ට එරෙහිව වර්මාන ආණ්ඩු සමයේ මෙන් දෙකයි පනහේ පහත් වැඩ නොකළ බවත් ඒ සඳහා පරිසරය හදා නුදුන් බවත් ඈ අවධාරණය කරයි.

සතුරෙකු ඉදිරිපසින් පැමිණ පිහියෙන් ඇනීම ගෞරවණීය බවත් ඒ පිළිබඳ තමන් කනගාටු නොවන බවත් සඳහන් කළ අචලා සෙනෙවිරත්න, තමන්ගේ පන්තියේ යැයි සිතා සිටි පිරිස මිතුරු වෙසින් පිටුපසින් පැමිණ පිහියෙන් ඇනීම අතිශය වේදනාකාරී බවත් සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුද දියවී විනාශ වන කාලය ළං වන විට තමා මේ ආකාරයේම කතාවක් කර ඇති බවත් වර්තමාන ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීම බීරි අලින්ට වීණා වැයීමක් බවත් අවසානයේ ජනාධිපතිවරයා තමන්ටද ත්‍රස්තවාදී ලේබලය අළවනු ඇති බවත් නීතිඥවරිය ප්‍රකාශ කරයි.

ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළ ආකාරයට රට පාලනය කළ නොහැකි නම් දුර්වලතා හදාගැනීමට සූදානම් නැත්නම් ඔහුගෙන්ද රටට පලක් නැතැයි නීතිඥ අචලා සෙනෙවිරත්න සඳහන් කරයි.

ඈ මේ බව පෙන්වා දුන්නේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Lawyer Achala Seneviratne
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka