gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නාමල් රාජපක්ෂට බෝධි පූජාවක් තියන්න මාතර බෝධිය ලබා නොදුන්නේ සැලසුම් සහගතවද?

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට සෙත් පැතීම සඳහා මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස සංවිධානය කර තිබූ බෝධි පූජා පින්කම සඳහා එම භූමිය ලබා දිය නොහැකි බව මාතර බෝධි ආරක්ෂක සභාව විසින් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කඹුරුපිටිය ආසන සංවිධායක කීර්ති විජයවංශ මහතා විසින් රුපියල් 300ක දායකත්ව මුදලක් ගෙවා පෙරේදා (21) පස්වරු 4.00ට පින්කම පැවැත්වීමට පූර්වයෙන් වේලාව වෙන් කර තිබුණද, සමාජ මාධ්‍ය හරහා මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

මෙම හදිසි තත්ත්වය හමුවේ අදාළ පින්කම හිත්තැටිය රජ මහ විහාරස්ථානයේ පැවැත්වීමට මුලින් තීරණය කර තිබූ අතර, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය (20) රාත්‍රියේ මාතර පිහිටි පක්ෂ කාර්යාලයේදී විශේෂ හමුවක් පවත්වා ඇත. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ කෝට්ටේ ආසන සංවිධායක මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් හා ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, එළඹෙන 24 වැනිදා පස්වරු 4.00ට දෙවිනුවර පුදබිමේදී මෙම බෝධි පූජා පින්කම පැවැත්වීමට ඒකමතිකව තීරණය කර තිබේ.

පූර්වයෙන් නිසි ලෙස වේලාව වෙන් කර තිබියදී හදිසියේ මාතර බෝධි පරිශ්‍රය ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සංවිධායකයන් විසින් මාතර බෝධි ආරක්ෂක සභාව වෙත දැඩි විවේචන එල්ල කරනු ලැබ ඇත. මේ සම්බන්ධයෙන් මාතර බෝධි ආරක්ෂක සභාවෙන් කරුණු විමසීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇති අතර, වාර්තා වන අයුරින් මෙම තීරණය බහුතරයකගේ එකඟතාවයෙන් ගත් එකක් නොව පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ස්වයං තීරණයකි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka