gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මා පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් නොවේ - මොහොමඩ් ඊබ්‍රාහිම් මාධ්‍ය හමුවක! (VIDEO)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකුගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා, තමන් එම ප්‍රහාරයේ කිසිදු සැකකරුවකු නොවන බවත්, මිය යන තුරුම තම ඡන්දය හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත් පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවත්, ප්‍රහාරයෙන් විපතට පත් සමස්ත  ජනතාවගෙන් තමන් සමාව අයැද සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ තමන් සහ එම පක්ෂයේ ක්‍රියාකාරීන් අතර පැවති සබඳතාව පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, ජවිපෙ සාමාජිකයන් කිසිදු මුදලක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී පරාර්ථකාමීව කටයුතු කළ පිරිසක් බව පැවසීය.

ඔවුන්ට ආහාර හෝ මුදල් ලබාදීමට උත්සාහ කළද බොහෝ අවස්ථාවලදී ඒවා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළ ඊබ්‍රාහිම් මහතා, පක්ෂයට තමන්ගෙන් මුදල් ආධාර අවශ්‍ය නොවන බවත්, ඉදිරියේදීත් තමන් වෙනත් කිසිදු පක්ෂයකට ඡන්දය ප්‍රකාශ නොකරන බවත් අවධාරණය කළේය.

තමන් ව්‍යාපාරිකයකු ලෙස පසුගිය කාලය පුරා කිතුනු ප්‍රජාව සමඟ සුහදව කටයුතු කළ බවත්, බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව චෛත්‍ය, බණ මඩු ඉදිකිරීමට මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමටද කටයුතු කළ බව ඔහු මෙහිදී අනාවරණය කළේය.

මේ අතර, පාසල් වියේ පසුවූ තම බාල පුත්‍රයාද මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර හෝ රඳවා තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි තමන් නොදන්නා බව පැවසූ මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා, ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සහ මානසික පීඩාවෙන් පසුවන බවද වැඩිදුරටත් කියා සිටියේය.


මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka