gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්ද මලොත් පුළුං පුරවලා වේදිකාවට ගෙනේවි - අධිකරණ ඇමති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කවදා හෝ මිය ගියහොත් ඔහුට පුළුන් පුරවා හෝ වේදිකාවල තැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් කටයුතු කරනු ඇති බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

වැලිගම පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා වයෝවෘද්ධ පුද්ගලයකු ලෙස තමන් ගරු කරන බවත්, ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බවත්ය.

කෙසේ වෙතත්, පසුගියදා වේදිකාවකදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුටු විට දැඩි සංවේගයක් ඇති වූ බව හෙතෙම සඳහන් කළේය.

පොදුජන පෙරමුණේ දේශපාලනය සියයට දෙකහමාරේ මට්ටමටම ඇදවැටී ඇති පසුබිමක, ඔවුනට ජනතාව ඉදිරියේ කතා කිරීමට කිසිදු දේශපාලන මාතෘකාවක් ඉතිරිව නොමැති බව පැවසූ අමාත්‍යවරයා, ඒ හේතුවෙන් අසරණව හිස එසවීමට නොහැකිව අසාධ්‍ය තත්ත්වයේ පසුවන මහින්ද රාජපක්ෂ මහතාව තැන තැන රැගෙන යන බවට චෝදනා කළේය.

“මහින්ද මහත්තයා තව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඕනේ. නමුත් කවදා හරි මහින්ද මහත්තයා මළොත්, මේ කට්ටියට වෙන දෙයක් නැති හින්දා මහින්ද මහත්තයාට පුළුන් පුරවලා හරි ස්ටේජ් එක උඩ තියන්න බැරි නෑ” යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එබැවින් එවැනි ක්‍රියාකලාපයන්හි නිරත වන දේශපාලන කණ්ඩායම් ජනතාව විසින් සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතු බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අසලින්වත් තැබිය නොහැකි පිරිසක් අද විපක්ෂයේ රැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka