ජනාධිපති සමාව අහෝසි වීමත් සමඟ ඥාණසාර හිමියෝ විහාරස්ථානයෙන් අතුරුදහන් වෙති!
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය මඟින් නියම කර තිබූ වසර 6 ක සිරදඬුවම සඳහා 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
කෙසේ වෙතත්, අදාළ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව, ඊයේ රාත්‍රියේ සිට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් උන්වහන්සේ වැඩවාසය කළ රාජගිරිය පිහිටි විහාරස්ථානයෙන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
ජනාධිපති සමාව අහෝසි වීමත් සමඟ ඥාණසාර හිමියෝ විහාරස්ථානයෙන් අතුරුදහන් වෙති!
2026-09-11T11:26:00+05:30
Gossip Lanka Hot News






