gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශිරාන් බාසික්ගේ සබදතා... ප‍්‍රශ්ණ කරන්න ධනසිරි කැදවයි

 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති දනසිරි අමරතුංග මහතා අද (01) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරු එම කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නගරාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන්ගෙන් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික්, ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුගිය අගෝස්තු 14 වැනිදා ඔහු මෙරටට රැගෙන එනු ලැබීය.

දැනට රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත පදනම්ව, හිටපු නගරාධිපතිවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විමර්ශන කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka