gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව ඩොලර් පුච්චලා රැලි තියලා වැඩක් නෑ… රැලිවලට මොන ගැරඬි ආවත් වැඩක් නෑ… ජනතාව බඩගින්නේ…! – දිලිත් ජයවීර

ආණ්ඩුව රටේ ඩොලර් ආදායම වැඩි කිරීමට කටයුතු නොකර රැලි පැවැත්වීමෙන් ජනතාවට කිසිදු යහපතක් සිදුනොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ජනතා මතය දැනගැනීමට රැලි පැවැත්විය යුතු නැති බවත් පාර්ලිමේන්තුවේ සේවකයන් 1500 අතර සමීක්ෂණයක් පැවැත්වූයේ නම් රටේ ජන මතය දැනගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් රැලිවලට මොන ගැරඬියා රැගෙන ආවත් පලක් නොමැති බවත් ජන ජීවිතය නඟා සිටුවීමට දිගුකාලීන මාධ්‍ය කාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.

ආණ්ඩුව රටේ ඩොලර් ටික වියදම් කර බස්වලින් සෙනග ඇද රැලි තබන අතර ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතා මැද කුසගින්නේ ජීවත් වන බවද ඔහු සඳහන් කරයි.

ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka