gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

22 සංශෝධන පෙතස්ම් විභාගය ගැටළුකාරීයි... අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය (CLA) සිය දැඩි අවධානය යොමු කර තිබේ.

එම සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මහතා විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාවක දැක්වෙන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා මෙම නඩු විභාගයේදී අනුගමනය කළ ඇතැම් ක්‍රියාමාර්ග ගැටලු සහගත බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආරාධනයකට අනුව පසුගිය සැප්තැම්බර් මස මුලදී මෙරට සංචාරයක නිරත වූ තිරූ මහතා, මෙම නඩු විභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකස් කර ඇත.

යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, එහි සෘජු ප්‍රතිලාභියා අගවිනිසුරුවරයා වන බැවින් ඔහු මෙම නඩු විභාගයෙන් ඉවත් විය යුතු බවට පෙත්සම්කරුවන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම පිළිබඳව වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර ඇත. එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමේදී ඊට පාදක වූ හේතු පැහැදිලිව ඉදිරිපත් නොකිරීම අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන සැකයක් ඇති කිරීමට හේතු විය හැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙම නඩුව විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් (17 දෙනෙකුගෙන්) සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කිරීම ද වාර්තාවේ විවේචනයට ලක්ව ඇත.

විශේෂයෙන්ම, අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් සිව්දෙනාම මෙම විනිසුරු මඩුල්ලට ඇතුළත් නොකිරීම කැපී පෙනෙන කරුණක් බව ස්ටීවන් තිරූ මහතා පවසයි.

නඩු විභාගයේදී වගඋත්තරකරුවන්ගේ කරුණු දැක්වීමෙන් පසු පෙත්සම්කරුවන්ට වාචිකව පිළිතුරු දීමට අවස්ථාව ලබා නොදීම ද පටිපාටිමය සාධාරණත්වය උල්ලංඝනය කිරීමක් ලෙස වාර්තාවේ දක්වා ඇත. සංකීර්ණ ව්‍යවස්ථාමය කරුණු පවතින මෙවැනි නඩුවකදී ලිඛිත දේශනවලට පමණක් සීමා වීම ප්‍රමාණවත් නොවන බව එහි සඳහන් වේ.

සිය සංචාරය අතරතුර ස්ටීවන් තිරූ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී අධිකරණ ස්වාධීනත්වය සුරැකීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියද, ඔවුන්ගෙන් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බව ද වාර්තාවේ සඳහන් වේ.

අධිකරණයේ ස්වාධීනත්වය යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක පදනම වන අතර, ඕනෑම රජයක ක්‍රියාකලාපයන් පවා ප්‍රශ්න කළ හැකි අවසාන බලකොටුව අධිකරණය බැවින් එහි ස්වාධීනත්වය සහ ගෞරවය රැක ගැනීම අත්‍යවශ්‍ය බව පවසමින් ස්ටීවන් තිරූ මහතා සිය වාර්තාව අවසන් කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka