gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රාජකාරිය දේවකාරියක් සේ අකුරටම ඉටුකරමින් උතුරේ බෞද්ධ උරුමය රැකගන්න පෙරට ආ යකඩ ගැහැනියට එකරැයින් කතරගමට මාරුවක්…!

Champa Waidyathilaka
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සංවර්ධන අංශයේ සේවය කරමින් ජාතික මට්ටමේ ව්‍යාපෘති රැසක් සාර්ථක කරදීමට කැපවූ නිලධාරිනියක වන චම්පා වෛද්‍යතිලක මහත්මියට එරෙහිව ක්‍රියාත්මක වූ ද්වේෂසහගත රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඇයව ප්‍රධාන කාර්යාලයේ සිට කතරගම ජාතික නිවාඩු නිකේතනය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ උපාධිය ලබා, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ කළමනාකරණය (Management of Technology) පිළිබඳ පශ්චාත් උපාධියත්, රුහුණු විශ්වවිද්‍යාලයේ සැළසුම්කරණය සහ සංවර්ධනය (Planning and Development) පිළිබඳ පශ්චාත් උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් හදාරා නිමකළ පරිපූර්ණ උගත් නිලධාරිනියක වන ඇය, තමන් ලැබූ දැනුම ප්‍රායෝගිකව යොදවමින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රගතියක් උදෙසා අනුපමේය සේවයක් ඉටුකළාය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙන් රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ඇරඹි, රුපියල් මිලියන 100ක අයවැය ප්‍රතිපාදන වෙන්වූ කළුතර කැලිඩෝ ව්‍යාපෘතිය අතිශය දක්ෂ ලෙස හසුරුවමින් එය සැබෑ යථාර්ථයක් බවට පත්කිරීමට මූලිකත්වය ගත්තේ ඇයයි. කෙසේ වෙතත්, මෙම සාර්ථකත්වය හමුවේ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මල්කාන්ති ජයසිංහ (සැබෑ නම: කෝකිලා) නැමැත්තිය පෞද්ගලික ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන් පෙළෙමින් අදාළ ව්‍යාපෘතියට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ. එහි එක් පියවරක් ලෙස කැලිඩෝ ව්‍යාපෘතිය සඳහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ගෙවීමට තිබූ රුපියල් මිලියන 55ක මුදලද අත්හිටුවීමට අධ්‍යක්ෂ ජනරාල්වරිය පියවර ගත්තාය.

ඇගේ මෙම ද්වේෂයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරිය සතු ත්‍රිකුණාමලයේ වටිනා ඉඩම් විවිධ දෙමළ සහ මුස්ලිම් පෞද්ගලික පාර්ශවයන් විසින් අක්‍රමික ලෙස අල්ලාගෙන සිටි අවස්ථාවේදී, චම්පා වෛද්‍යතිලක මහත්මිය මැදිහත්වී එම ඉඩම් නැවත අධිකාරිය සන්තකයට ලබාගැනීමට කටයුතු කිරීමයි. මෙම අධ්‍යක්ෂ ජනරාල්වරිය, පළමුව සිදුකළේ එකී ජාතික මෙහෙවර ඉටුකළ නිලධාරිනිය ත්‍රිකුණාමලය ඉඩම් කටයුතුවලින් ඉවත් කර, එම සියලු බලතල දෙමළ නිලධාරීන් වෙත පැවරීමයි. මෙහි ආසන්නතම ප්‍රතිඵලය වී ඇත්තේ දැනට ත්‍රිකුණාමලයේ රජයේ ඉඩම් සඳහා කිසිදු ආරක්ෂාවක් නොමැති වීමත්, ජාතික සම්පත් ඕනෑ පදයට කොල්ලකෑමට ඉඩ සැලසීමත්ය.

තමාගේ පෞද්ගලික හිතුවක්කාරී අරමුණු ඉටුකරගැනීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් විජිත හේරත් අමාත්‍යවරයා වෙත චම්පා වෛද්‍යතිලක මහත්මිය සම්බන්ධයෙන් අසත්‍ය පෙත්සම් ඉදිරිපත් කරමින් සහ කේලම් කියමින් අමාත්‍යවරයාව නොමඟ යවා ඇත. ඒ අනුව, රාජ්‍ය ව්‍යාපෘති සාර්ථක කළ, ඉහළ අධ්‍යාපනික සුදුසුකම් සහිත දක්ෂ නිලධාරිනියකගේ සේවය අඩපණ කරමින්, සේවා අවශ්‍යතාවය යන ව්‍යාජ ලේබලය යටතේ ඇයව ප්‍රධාන කාර්යාලයෙන් ඉවත් කර කතරගම නිවාඩු නිකේතනය වෙත මාරු කර යවා ඇත්තේ රාජ්‍ය සේවයේ දූෂිතයන් සහ ජාතික සම්පත් පාවාදෙන්නන් සුරකින අභාග්‍යසම්පන්න පද්ධතියේ සැබෑ නිරුවත ලොවටම අනාවරණය කරමිනි.

දුලාර ගුණතිලක

Champa Waidyathilaka
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka