විනිසුරු මඩුල්ල අසම්පූර්ණයි – බැඳුම්කර නඩුව ඔක්තෝම්බර් 04 ට කල් යයි!
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව යළි ඔක්තෝබර් 04 වැනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අද (10) නියෝග කර තිබේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම නඩුව විභාගයට මින් පෙර පත් කර තිබූ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සම්පූර්ණ වී නොමැතිවීම හේතුවෙන් එම විනිසුරු මඩුල්ල යළි පත් කරන තෙක් නඩුව මෙලෙස කල් තබන බව විනිසුරුවරිය විසින් සඳහන් කර තිබේ.
2016 වසරේ මාර්තු 29 වැනි දින සිදු වූ බැඳුම්කර වෙන්දේසිය තුළින් රජයට රුපියල් කෝටි 3,698 ක පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා 32 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
මේ පුවත තව අයට බලන්න
විනිසුරු මඩුල්ල අසම්පූර්ණයි – බැඳුම්කර නඩුව ඔක්තෝම්බර් 04 ට කල් යයි!
2026-09-10T13:58:00+05:30
Gossip Lanka Hot News





