gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාර විමර්ෂන නිසා රවගේ, ශානිගේ මූලික අයිතීන් කැඩිලා.. වන්දි ගෙවන්නැයි දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද  තීන්දු කළේය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බවට මෙහිදී අධිකරණය විසින් නිගමනය කරනු ලැබීය.

ඒ අනුව, අදාළ සිදුවීමට පාදක වූ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පෙත්සම්කාර රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් දෙදෙනා වෙත රුපියල් 50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඊට අමතරව, අදාළ පක්ෂග්‍රාහී විමර්ශනය මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ඉන්ද්‍රික ද සිල්වා විසින් පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි මුදල් ගෙවිය යුතු බවටද වැඩිදුරටත් නියම විය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අනීතික සහ ද්වේශසහගත ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, පසුගිය ජනාධිපතිවරණ සමයේදී රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka