gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සිනමාවේ රඟපෑම් සැබෑ ජීවිතයේ නොකරන ලෙස හේමාල්ට උසාවියෙන් අවවාදයක්

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරක ලක්මිණ රණසිංහට පහරදෙනු ලැබූ බව පැවසෙන සිද්ධියට අදාළව කැඳවන ලද සමථ මණ්ඩල වාර්තාවට අනුව හේමාල් රණසිංහ මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද (10) නියෝග කළාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට සමථ මණ්ඩල වාර්තාව ඉදිරිපත් කළ අතර සමථ මණ්ඩල වාර්තාවෙහි කොන්දේසි හතරක් සඳහන්ව තිබුණි.


එහි පළමු වන කොන්දේසිය වූයේ, හේමාල් රණසිංහ විසින් පහර දෙනු ලැබූ බවට වරද පිළිගෙන පහර කෑමට ලක්වූ සිනමා විචාරක ලක්මිණ රණසිංහ යන අයගෙන් සමාව ගැනීමයි.

දෙවන කොන්දේසිය වූයේ අගතියට පත් ලක්මිණ රණසිංහ යන අය හේමාල් රණසිංහට සමාව දීමයි.

තුන් වන කොන්දේසිය පහර කෑමට ලක්වූ සිනමා විචාරකයාට මාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍යවලින් හෝ කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොකිරීමට එකඟ වීමය.

හතර වන කොන්දේසිය වූයේ, තමන් කළ වරදට හේමාල් රණසිංහ රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් අගතියට පත් ලක්මිණ රණසිංහට ලබාදීමට එකඟ වීමය.

එහෙත්, සමථ මණ්ඩල වාර්තාවෙහි සඳහන් තෙවන කොන්දේසිය පරිදි අගතියට පත් පාර්ශ්වයට කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොවීමට එකඟ වුව ද,
සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් අගතියට පත් පාර්ශවයට නින්දා අපහාස සිදුකරමින් පවතින බවට සිනමා විචාරක ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මඩුල්ල විසින් අධිකරණයට දන්වා සිටින ලදී.

තවද, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ, හේමාල් රණසිංහ විසින් අගතියට පත් පාර්ශවය වෙත දෙන ලද රුපියල් ලක්ෂ පහක වන්දි මුදල අගතියට පත් පාර්ශවයේ කැමැත්තට අනුව මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරන බවය.

නැවත මින් ඉදිරියට මෙලෙස අගතියට පත් පාර්ශවයට නින්දා අපහාස සිදු නොකිරීමට වග බලා ගත යුතු බවටත්, පහරදීම් සිනමාවේදී හා නාට්‍යවලදී පමණක් සිදු විය යුතු බවත් සැබෑ ජීවිතයේදී එයට නීතියෙන් අවසර නොමැති බවටත් පවසමින් මහේස්ත්‍රාත්වරිය ජනප්‍රිය නළු හේමාල් රණසිංහට අවවාද කර ඇතිබව සඳහන්ය.

සමථ මණ්ඩල වාර්තාව පරිදි ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පසුගිය ජනවාරි මස 8 වන දින හැව්ලොක් සිටි සිනමා ශාලාවේදී ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකු වන ලක්මිණ රණසිංහ යන අයට මරණීය තර්ජනයක් කරමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කර, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මැයි මස 14 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය ම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka