බේරුවල ජනරැලියේ ජනාධිපති ආරක්ෂාව තරකරයි… වරායට ධීවර බෝට්ටු පැමිණීම නවතා දැමේ…!
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බේරුවල ධීවර වරායට බෝට්ටු ඇතුළු කිරීම තාවකාලිකව නතර කිරීමට පොලිසියට උපදෙස් දුන් ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි. ඒ අද (06) කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනහමුවක් වෙනුවෙනි.
බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජනරැලියේ වේදිකාව වරායට මුහුණලා පිහිටුවා ඇත.
ඒ නිසා ජනාධිපතිවරයා වේදිකාවේ සිටින කාලය තුළ වරායට ධීවර බෝට්ටු පැමිණීම නවතා දැමීමට එම ලිපියෙන් දැනුම් දී ඇත.
-emanisa
බේරුවල ජනරැලියේ ජනාධිපති ආරක්ෂාව තරකරයි… වරායට ධීවර බෝට්ටු පැමිණීම නවතා දැමේ…!
2026-09-06T13:28:00+05:30
Gossip Lanka Hot News






