gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නිමල් පෙරේරා ලංකාවෙන් පලා ගොස් වසර 13ක්! - සාගර කාරියවසම්ගෙන් බරපතළ හෙළිදරව්වක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පදනම් කරගෙන ඇත්තේ වසර 13ක් තිස්සේ මෙරටින් පලාගොස් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ව්‍යාපාරික නිමල් පෙරේරා  ලබා දුන් ප්‍රකාශයක් පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, 2013 වසරේ සිදුවූවා යැයි කියන එයාර් බස් ගනුදෙනුවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

2013 වසරේදී මහින්ද රාජපක්ෂ රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය දියුණු කිරීම සඳහා එයාර් බස් යාත්‍රා 08ක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වූ බවත්, පසුව 2015 බලයට පත් වූ යහපාලන රජය එම ගිවිසුම අවලංගු කිරීම නිසා රජයට ඩොලර් මිලියන 116ක (රුපියල් බිලියන 37කට අධික) පාඩුවක් සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නිමල් පෙරේරා නැමැත්තා මීට පෙර පොලිසියට ප්‍රකාශ කර තිබුණේ අදාළ ගිණුම් සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එහෙත් වසර 13කට පසු, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාවේ සිට ලබා දුන් ප්‍රකාශයක් මත පමණක් පදනම්ව නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම බරපතළ ගැටලුවක් බව ලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම, මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මරණීය තර්ජන එල්ල කර මහින්ද රාජපක්ෂ මහතාගේ නම පවසන ලෙස බලපෑම් කළ බවට ඔහු මිය යාමට පෙර අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දී තිබූ බව ද සාගර කාරියවසම් මහතා මෙහිදී අනාවරණය කළේය.

කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ බැංකු වාර්තාවක් නොමැතිව, දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් පමණක් වත්මන් රජය මෙම ක්‍රියාවලිය මෙහෙයවන බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka