gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පුවතක් ප්‍රචාරය නොකර සිටීමට ලක්ෂ 10ක කප්පමක් ඉල්ලුවා... මං නඩු දානවා - ජගත් විතාන

තමන්ට එරෙහිව එල්ල වී ඇති ඉඩම් ගනුදෙනු චෝදනාව මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකර සිටීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත නැමැත්තා තමන්ගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා චෝදනා කරයි.

සිදු වූ අපහාසයට එරෙහිව තමන් මේ වන විටත් අදාළ පාර්ශ්වයන් වෙත එන්තරවාසි යවා ඇති බවත්, ඉදිරියේදී වන්දි ඉල්ලා නඩු පවරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ සිදුවීම ප්‍රචාරය කිරීම සඳහා පැමිණිලිකාර පාර්ශ්වයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා ඇති බවත්, එය මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකර යටපත් කිරීමට නම් තමන්ගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වක්‍රාකාරයෙන් ඉල්ලා සිටි බවත්ය.

කිසිදු වරදක් සිදු නොකළ බැවින් තමන් සත පහක් හෝ ලබා දීම ප්‍රතික්ෂේප කළ බව පැවසූ මන්ත්‍රීවරයා, එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් එම දෙපාර්තමේන්තුවද හෑල්ලුවට ලක් කරමින් සිටින බව පැවසීය.

අදාළ ඉඩම් ගනුදෙනුව පිළිබඳ කරුණු පැහැදිලි කළ ජගත් විතාන මහතා, තමන් විසින් වසර 15කට පමණ පෙර මිලදී ගත් ඉඩමක් ඉල්ලුමක් ලැබීමෙන් අනතුරුව නීත්‍යනුකූලව විකිණීමට කටයුතු කළ බව සඳහන් කළේය.

මීට පෙර මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වූ අවස්ථාවේදී අදාළ අත්සන් නිවැරදි බවට රජයේ රස පරීක්ෂක වාර්තා පවා ලැබී තිබූ බවත්, එම පාර්ශ්වය වෙත රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් ගෙවා නීත්‍යනුකූලව කටයුතු අවසන් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම සියලු ගනුදෙනු බැංකු ගිණුම් සහ නීතිඥවරුන් ඉදිරියේ සිදු වූ බවට සියලු ලිඛිත සාක්ෂි පවතින බවද ඔහු කියා සිටියේය.

ස්වාධීන මාධ්‍ය කලාවට මුවා වී ඇතැම් පුද්ගලයින් මුදල් ගැරීමේ ජාවාරමක නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙවැනි ක්‍රියා මඟින් දේශපාලන වාසි ලබා ගැනීමට ඉඩ නොතබන බවත්, තමන් මන්ත්‍රී වැටුපෙන් හෝ වරප්‍රසාදවලින් යැපෙන අයෙකු නොවන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.


මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka